තාරකාවක උෂ්ණත්වය හා වර්ණය
තාරකාවක් සැමවිටම සියළුම සන්ඛ්‍යාත වලට අයත් තරoග වර්ග විමෝචනය කිරීම සිදු කරයි. නමුත් ඒ ඒ තාරකාවේ මතුපිට උෂ්ණත්වයට අනුව නිකුත් කරන උපරිම තීව්‍රතාවට අයත් තරoගයේ තරන්ග ආයාමය වෙනස් වේ. මෙම සම්බන්දය වීන් ගේ නියමය ලෙස හදුන්වයි.
වීන් ගේ විස්ථාපන නියමය
රත් වු කෘශන වස්තුවකින්(Black body) නිකුත්වන තාප විකිරණවල උපරිම තීව්‍රතවට අයත් තරoග ආයාම එම වස්තුවේ මතුපිට උෂ්ණත්වයේ කෙල්වින් අගයට ප්‍රතිලෝමව සමානුපාතිකවේ.
ඉහත සම්බන්ඳයෙන් ඔබට පැහැදිලිවන්නේ තාරකාවක උෂ්ණත්වය වැඩි නම් එම තාරකාව වඩා නිල්පැහැයෙන් ද තාරකාවක උෂ්ණත්වය අඩු නම් එම තාරකාව වඩා රතු පැහැයෙන් ද යුක්තවන බවයි. ඉහත සම්බන්දය ඇසුරෙන් ඕනැම තාරකාවක මතුපිට උෂ්ණත්වය දන්නා විට එම තාරකාවේ උපරිම තීව්‍රතාවයකින් යුත් වර්ණය ගණනය කල හැක. නැතහොත් එම තාරකාවේ උපරිම තීව්‍රතාවයෙන් යුත් තරoග ආයාමය දන්නා විට එහි මතුපිට උෂ්ණත්වය ගණනය කරගත හැක.
1. සුර්යයා පරිපූර්ණ කෘශන වස්තුවක් යැයි සලකා සුර්යයා මගින් නිකුත් කරන වැඩිතම තීව්‍රතාවය සහිත විකිරණයේ තරoග ආයාමය සොයන්න. සුර්යයාගේ මතුපිට උෂ්ණත්වය 6000 කෙල්වින් යැයි සලකන්න.
B-V \Colour index
තාරකාවක වර්ණය එක් එක් තාරකාවෙන් තාරකාවට වෙනස් වේ. මෙයට ප්‍රධාන ලෙසම බලපන්නේ එම තාරකාවේ මතුපිට උෂ්ණත්වයයි. තාරකාවක වර්ණය මනිනා ප්‍රධානතම ක්‍රමයක් වන්නේ B-V colour index භාවිතයයි.
පියවි ඇසෙන් තාරකාවක වර්ණය නිරික්ශනය කිරීම නිවැරදිම ක්‍රමයක් නොවේ. මක්නිසාද යත් තාරකාවක වර්ණය නිවැරදිව හඳුනාගැනිම පියවි ඇසට කල නොහැක්කකි. පියවි ඇස කොල හා කහ වර්ණයන්ට වඩා සoවේදී නිසා එම පියවි ඇසෙන් තාරකාවෙ දෘශ්‍ය දීප්තිය මැනීමෙදී බොහෝවිට නිවැරදි අගය නොලැබේ. එම නිසා මේ සඳහා B හා V යන පෙරණ වර්ග භාවිතා කිරීම සිදුකරයි.
B හා V පෙරහන් භාවිතය තුලින් තරුවක් නිවැරදි වර්ණය පිලිඹඳව අවබෝදයක් ලබාගත හැක. මෙහිදී කරනු ලබන්නේ B හා V යන පෙරහන් වෙන වෙනම භාවිතා කරමින් තාරකාවේ දෘශ්‍ය දීප්තිවිශාලනය වෙන වෙනම මැනගැනීමයි. B (Blue) යන පෙරහන භාවිතයේ දී තාරකාවේ නිල් පැහැති ආලෝකය පමණක්ද V (Visual) යන පෙරහන භාවිතයේ දී තාරකාවේ(V යනු සත්‍ය වශයෙන්ම පෙරහනක් නොවේ. ) කොල හා කහ යන අලෝකය පමණක් ද නිරීක්ශනය කිරීම සිදුකෙරේ. මෙහිදි ලබාගන්නා දෘශ්‍ය දීප්තිවිශාලන අගයන් දෙක පිළිවෙලින් mb හා mv අගයන් ලෙස හඳුන්වයි.
යම් තරුවක් සැලකීමෙදී එම තාරකාවේ mb අගය mv අගයට වඩා විශාලවේ නම් එම තාරකාව රතු පැහැති තාරකාවක් ලෙසද ,
mb අගය mv අගයට වඩා අඩු වේ නම් එම තාරකාව නිල් පැහැති තාරකාවක් ලෙස නිගමනය කල හැක. එනම් මෙම අගයන් දෙකෙහි විශාලත්ව ඇසුරෙන් තාරකාවේ Spectral class එක හදුනාගත හැක. ඒ සඳහා colour index යන අගය භාවිතා කිරීම සිදුකෙරේ.
Colour Index, CI = B - V
or CI = mB - mV
මෙම අගය ඍණ අගයක් නම් එම තාරකාව නිල් පැහැයට හුරු තාරකාවක් ද ,ධන අගයක් නම් එම තාරකාව රතු පැහැයට හුරු තාරකාවක් ලෙසද නිගමනය කල හැක. මෙම colour index යන අගයේ විශාලත්වය මත අප කලින් සඳහන් කල පරිදි එම තාරකාවේ එක හඳුනාගත හැක. පහත රූපසටහන් දෙක දෙස අවධානය යොමුකරන්න. එහි ප්‍රථම රූපයෙන් 15,000 කෙල්වින් මතුපිට උෂ්ණත්වයකින් යුත් තාරකාවකද දෙවෙනි රූපයෙන් මතුපිට උෂ්ණත්වය 3000 කෙල්වින් වූ තාරකාවකද තීව්‍රතවා හා තරoග ආයාම අතර ප්‍රස්ථාර දැක්වේ.
ඉහත ප්‍රස්තාරයේ ඇති තාරකාවේ B-V අගය ඍණ අගයකි. එනම් එම තාරකාව වඩා නිල් පැහැතිවේ.
මෙම ප්‍රස්තාරයේ දී B-V අගය ධන අගයකි. එනම් එම තාරකාව රතු පැහැතිවේ.
වේගා තරුවේ එක හරියටම 0.00 වේ. ප්‍රධාන තාරකාවල colour index අගයන් පහතින් දක්වා ඇත.
| තරුව | Spectral & Luminosity Class | Colour Index අගය |
|---|---|---|
| σ Ori | O9.5 V | -0.24 |
| Achernar (α Eri) | B3 V | -0.16 |
| Vega (α Lyr) | A0 V | 0.00 |
| Procyon (α CMi) | F5 IV-V | +0.42 |
| Sun | G2 V | +0.65 |
| Aldebaran (&alpha Tau) | K5 III | +1.54 |
| Betelgeuse (α Ori) | M1 Ia | +1.85 |
ප්‍රධාන අනුක්‍රමණයේ (Luminosity class 5) තරු සඳහා අගයන් පහත වගුවේ දක්වා ඇත.
| Spectral Class | Colour Index අගය |
|---|---|
B0
|
-0.30
|
A0
|
0.00
|
F0
|
+0.30
|
G0
|
+0.58
|
K0
|
+0.81
|
M0
|
+1.40
|
අභ්‍යාසය
1. τ Cet යන ප්‍රධන අනුක්‍රමණයේ තාරකාවේ දෘශ්‍ය B දිප්තිවිශාලන අගය +4.22ක් ද දෘශ්‍ය V දීප්තිවිශාලන අගය +3.50ක් ද වේ. මෙම තරුවේ B-V අගය ගණනය කරන්න. එමගින් එම තරුවේ වර්ණවලි පන්තිය හා වර්ණය පිලිඹඳ නිගමනය කරන්න(ඉහත වගුවේ දත්ත භාවිතා කරන්න.).
2. Procyon (α CMi) තරුවේ දෘශ්‍ය V දිප්තිවිශාලනයේ අගය +0.34ක් ද එම තරකාවේ colour index +0.42ක් ද වේ නම් එම තාරකාවේ දෘශ්‍ය B දීප්තිවිශාලනය ගණනය කරන්න.



No comments:
Post a Comment